Sunday, October 27, 2019
යශ් එක වසරේදී සිගරට් බොන්න ගියපු හැටි...
හහා Title එක දැක්කම තේරෙනවනේ මේකාගේ තරම.. 😂😂
ඔන්න මෙකයි කතාව..
යශ් 1ක වසරේ ඉද්දි dadge රට ඉන්න යාලුවෙක් ආව ඔන්න අපේ ගෙදරට.. එයා කන බොන ජාති ගොඩක් ගෙනාවට යශ්ගේ හිත ගියේ ඒ අන්කල් ගෙනාපු ලස්සන සිගරට් පෙට්ටියට.. හෙහෙ ඔන්න යශ් එක කාටවත් දෙන්නේ නැතුව ලග තියන් හිටියේ එත් යශ්ගේ dad එක ගත්තා එක සැහෙන්න ගණන් එකක්ලු එක වෙන අන්කල් කෙනෙක්ට දෙන්න ඕනි කියල විදුරු කැබිනටි එකේ උඩින්ම එක දාල තිබ්බ..
ඔන්න ඉතීම් සති 2ක් 3ක් යනකොට ගෙදර හැමෝටම අමතකයි සිගරට් පෙට්ටිය ගැන..
එත් යශ් ඇහැගහගෙන හිටියේ එක ගැන.. යශ් හැමදාම උදේට ස්කොලේ යද්දිත් එක දිහා බලාගෙන ඉදල යන්නේ ගෙදර ආව ගමනුත් එක තියෙනවද කියල බලන එක තමයි වැඩේ.. යෂ්ට ඉන්නබැ ඕක ඇතුලේ මොනාද තියෙන්නේ කියල බලනකම් ( හරි හරි සිගරට් තියෙන්නේ කියල දන්නවා එට් රට ඉදන් ගෙනාව කිව්වා නිසා අමුතු මෙව්වා එකක් කියල හිතන් හිටියේ 😂)
ඔන්න දවසක් tv බල බල ඉද්දි ඔය සිගරට් බොන එකක් දැකල යෂ්ට හිතුන අර පෙට්ටිය අරන් හොරෙන් කඩල එකක් අරන් බීල ආයේ එක එතැනින්ම තියන්න.. 😂
දැන් ඕක කරන්න තැනක් හොයාගන්න ඕනිනේ යෂ්ට මතක් උනා එහාපැත්තෙ පාලු ගෙදරක් තියෙනවා කියල යශ් යාලුවෝ එක්ක හැංගි මුත්තම් කරන්න එහෙම ඔහේ රිංගනවා ඉතින් එතන මාරු කියල හිතුන වැඩේට... ඔන්න තැන හරි.. දැන් ඉතීම් තනියම ගිහින් ඕක බොන්න බැනේ.. කව්රු හරි ඉන්න එපැයි ෆිට් එකට.. ඔන්න එතකොට යෂ්ට මතක් උනා යශ්ගේ හොද ෆිට් එකක්.. පල්ලෙහා ගෙදර මොන්ටිසෝරි යන මල්ලි... ඒකා හොද ඇට්ටරය ඕනි වැඩකට පැනල එන්නේ..
මෙන්න මේ පල්ලෙහා ෆොටෝ එකේ ඉන්නේ ඒ වගේම එකෙක් තමයි.. ඉතීම් හිතාගන්නකෝ උගේ තරම..😂😂
ඔන්න ඉතීම් යශ් කැබිනට් එක උඩට නැගල සිගරට් පෙට්ටියත් අරන් කුස්සිය පැත්තේ ගිහින් ගිනි පෙට්ටියකුට් අරන් සාක්කු දෙකේ දාගෙන ගියා අර මල්ලිගේ ගෙදරට.. ගිහින් එකාවත් ඇදගෙන ගියා අර පාලු ගෙදර පැත්තේ.. කොල්ලත් වැඩේට පැනල ආවේ.. ආයේ කතා දෙකක් නැ මරු ඩයල්එක..
ඔන්න එකේ ඉටි කවරේ ගානට කඩුව එත් කාඩ්බෝර්ඩ් බොක්ස් එක පොඩ්ඩක් ඉරුණ අරයකා එකෙන් ඇද්ද්නිසා.. හෙහෙ එකට පොඩ්ඩක් මිනිහට මන් බැනල ආයේ වැඩේට බැස්ස ඔන්න මිනිහට සිගරට් එක අල්ලගන්න කියල මන් ගිනිපෙට්ට්ටිය අරන් පත්තුකරන්න ට්‍රයි කරනවා ඒත් පත්තුවෙන්නේ නැ.... මොකද යෂ්ට ගිනිකුරු පත්තු කරගන්න බැ එතකොට.. 😂
කොච්චර ට්‍රයි කරත් හරිගියේ නැ ඔන්න ඊට පස්සේ යෂ්ට මතාක් උනා ගෙදර පිටිපස්සේ ගිනි ගොඩක් තිබ්බා එකේ පත්තුවෙන දර කෑල්ලක් අරන් ආවනම් මේක ගොඩ දාන්න පුළුවන් කියල..
ඔන්න ඉතීම් යශ් සිගරට් පෙට්ටිය අර මලයාගේ අතට දීල ගිය ගෙදර පැත්තේ දර කැල්ලක් උස්සන් එන්න... ඔන්න් ඉතීම් යශ් බොහොම අමාරුවෙන් පත්තුවෙන පොඩි දරකැල්ලක් අරන් විනාඩි 5කට වගේ පස්සේ එද්දී අර යකා ඔක්කොම සිගරට් ටික එලියට අරන් ඒවා කැලි කැලි වලට කඩල..😒😒😒
දැන් ඉතීම් මොන ඉටි ගෙඩියක් පත්තු කරන්නද යශ් ටිකක් කෑගැහුවම පොඩි ඒකා අඩන්නා වගේ.. මේකා මෙතන ඇඩුවොත් වැඩේ මාට්ටුනේ.. ඔන්න ඉතීම් බිම තියෙන සිගරට් කැල්ලක් අරන් දෙන්න පත්තු කරමු කියලා ආයේ කතාවෙලා සාමධාන වෙලා වැඩේට බැස්ස.. ම්ම්ම්හ් පත්තු වෙන්නේ නැ එහෙමත්.. ලි කැල්ල නිවිලා ඒ ටිකට.. 😒😒
ඔන්න දෙන්නත් එක්ක ට්‍රයි කර කර ඉද්දි එතනට කඩන් පාත් වෙච්චි පොලිසියේ අන්කල් කෙනෙක් හාහා ඒ අන්කල්ට මැරෙන්න හිනා දෙන්නගේ වැඩේ දැකල.. (යෂ්ටයි අර මල්ලිටයි පොලිසියේ අය හුරුයි මොකද දෙන්නගෙම dadla පොලිසියේ )
කොහොම හරි දෙන්න ලැජ්ජාවටත් එක්ක එතනින් දුවල ආව ගෙවල් වලට ඇවිත් සද්ද නොකර හිටියා මුකුත් දන්නේ නැ වගේ..
කොහොම හරි ගෙදරට සීන් එක ආරංචි උනේ අනික් දවසේ.. එතකොට යශ් වෙලාවට ඉස්කෝලේ හිටියේ..😅😅
කොහොම හරි ගුටි කන්න උනේ නම් නැ 😂😂 ඊට හපන් වැඩක් උනේ ඉතීම් ගෙදරින් එලියට බහින්න නැ ඒ දවස් වල දකින දකින කෙනා අහනවා සිගරට් එකක් බොන්න යමුද කියල ඒ තරම් වැඩේ පත්තුවෙලා මුළු ගමටම හරි සන්තෝසයි.. යශ්ගේ කීර්තිනාමය බින්දුවට වැටිලා තිබ්බේ.. කොහොම හරි එකෙන් මේකෙන් යෂ්ට එහා පැත්තේ ගෙදර හිටපු යශ්ගේ crush එක දිහා බලන්නවත් බැරුව හිටියේ එයාටත් මේක ආරංචි වෙලා ඇති කියල ( ඔව් ඔව් මේකා පොඩි උනාට ඔහොම හිතුව ඒ කාලේ 😂 )
ඔන්න ඉතීම් ඔහොම තමයි යශ් සිගරට් බිව්වේ ආ... 😂😂😂😂
ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා ඒ සිගරට් පෙට්ටිය ඒ කාලේ හැටියට බරගානක්ලු.. කොහොම හරි ගුටි කන්න උනේ නැති එකනම් ලොකු දෙයක් හප්පා හෙහෙ 😂😂
තව ඉතීම් යශ් ඔය වගේ කරපු වැඩ ගොඩක් කතා ගොඩක් තියෙනවා ඉස්සරහට කියන්නම්කො ආ...😂😂
ප:ලි = මේ මේ යශ් දැන් යශ් ලොකු උනාට තාම සිගරට් බොන්නේ නෑ හරිද.. 😊😒😏 යශ් හොද ලමයෙක්..
Subscribe to:
Post Comments (Atom)
-
හහා Title එක දැක්කම තේරෙනවනේ මේකාගේ තරම.. 😂😂 ඔන්න මෙකයි කතාව.. යශ් 1ක වසරේ ඉද්දි dadge රට ඉන්න යාලුවෙක් ආව ඔන්න අපේ ගෙදරට.. එයා කන...
-
යශ් පොඩි කාලේ ඉදන් පොඩ්ඩක් විතර දගයි.. ඒත් යෂ්ට කවදාවත් අම්මා ගහලනම් නෑ.. යශ්ව දග නැතුව තියාගන්න අම්මා කරපු වැඩේ තමයි යෂ්ව TVඑක ඉස්සරහා ...








No comments:
Post a Comment