Saturday, October 26, 2019

යශ්ගේ පළමු වික්‍රමය.. (ඔපරේෂන් එක)


යශ් පොඩි කාලේ ඉදන් පොඩ්ඩක් විතර දගයි.. ඒත් යෂ්ට කවදාවත් අම්මා ගහලනම් නෑ..  යශ්ව දග නැතුව තියාගන්න අම්මා කරපු වැඩේ තමයි යෂ්ව TVඑක ඉස්සරහා තිබ්බ එක.. අවුරුදු 2කෙ 3නෙ ඉදල යශ් Tv එක ඉස්සරහ ඉදගෙන කට අරගෙන එක දිහා බලන් ඉන්න එක තමයි කරේ..

කොහොම කොහොම හරි යශ් එක වසරේ වගේ ඉද්දි ටීවී එකේ වැඩියෙන්ම බලන්න ආස Discovery චැනෙල් එක තමයි.. ඔකේ පෙන්නන අලුත් අලුත් දේවල් යශ් ඉතීම් කට ඇරගෙන බලන් හිටියලු ඒ කාලේ..

ඔන්න ඔයකාලේ යශ් ඉස්කෝලේ එහෙම ගිහින් දුවගෙන ඇවිත් Tv එකේ පෙන්නන දේවල් බලන් ඉදල ඔවා ගෙදරට හොරෙන් කරල බලනව හෙහෙ..  ඒවා ගැන වෙනම පොස්ට් එකකින් කියන්නම්කො..

දැන් බහිමු කියන්න ආව කතාවට..

ඔන්න ඉතීම් කොහොම හරි යශ් 1ක වසරේ මුල් කාලේ ඉද්දි යශ්ගේ දකුණු අතේ මැණික්කටුව ලග ඉන්නෙක් අවා.. දැන් ඉතීම් මේක දකිද්දී යෂ්ට මාර කේන්ති ඇයි අප්පා පට්ට කැතයිනේ.. අනික නිකම් මොකක්ද වගේ..
ඉස්කෝලේ ඉද්දි ලග ඉන්න ගැනු ළමයි දෙන්නා එක දිහා බලන්නෙත් අමුතු විදිහට යශ්ට ඉතීම් පොලව පලාගෙන යන්න හිතෙනවා එහෙම උනාම.. ( යශ් එතන ලග හිටපු ගැනු ළමයෙක්ට Crush ඒ කාලේ - ඒ කතාව වෙනම කියන්නම්කො ---- ඔව් ඔව් යශ් 1ක වසරේ තමයි ඒ කාලේ 😂😂😂)

ඔන්න ඉතීම් දවසක් ඉස්කෝලේ ළමයි වටවෙලා සෙල්ලම් කර කර ඉද්දි ළමයෙක් මගේ අතේ ඉන්න දැකල අනික් ළමයි හැමෝටම ඕක කිව්වා.. ඔන්න ඉතීම් කට්ටිය වටවෙලා මැජික් බලන්න ඈවිත් වගේ මගේ අත දිහා බලන් ඉන්නව එක එක කතා කිය කිය.. 😒😒

එකෙක් කියපි ඕකට අත කපන්න වෙනවා කියල..😂 හප්පා ඒ තරම් ඇට්ටර ළමයි හිටියේ පන්තියේ.. කොහොම හරි එක ළමයෙක්ගේ අයියා කෙනෙක්ගේ ඔහොම ඇවිත් හොස්පිටල් ගිහින් එක පුච්චලා අයින් කරා කියල කතාවක් කිව්වා.. ඕක ඉතීම් යශ්ගේ හිතට පොඩ්ඩක් වැදුන.. යශ් ඔන්න හිතාගත්තා ඉන්නා අයින් කරගෙන මිසක් ආයේ ඉකොලේ යන්නේ නැ කියල...


ඔන්න ඉතීම් යශ් තනියම කල්පනා කරනවා හොස්පිටල් යන්න යශ් ආසා නැ.. මොකද යශ් ඉන්ජේක්ශන් වලට එහෙම ආස නෑ.. ඔන්න යශ් ස්කුල් බස් එකේ ගෙදරට එනකම් කල්පනා කරනවා කොහොම්ද හොස්පිටල් යන්නේ නැතුව මේ ඉන්නා අයින් කරගන්නේ කියල.. ඔන්න එතකොට යශ්ගේ මහා මොලේට මතක් වෙනවා Discovery එකේ ගියපු දෙයක් එක තමයි තුවාල උන කෙනෙක් පිහියක් අරන් රත්කරල  එක පුච්චගන්නව ලේ යන එක නවතින්න.. ඒ වගේ මොකක් හරි තමයි මතක විදිහට හෙහෙ.. ඉතීම් යෂ්ට හිතුන පිහියක් අරන් එක රතුවෙනක්ම් රත් කරලා මේක කපල දන්මන්ම් වැඩේ ඉවරයිනේ කියලා....😂

ඔන්න යශ් ගෙදර ගියා.. ගෙදර යද්දී යශ්ගේ අම්ම යෂ්ට කිරි බෝතලයක් හදල තියනවා බොන්න.. යෂ්ට ඕක අනිවා ඕනි ගෙදර ගියාම හෙහෙ.. කොහොම හරි එක බිලා යශ් සුපුරුදු පරිධි TV එක ඉස්සරහ වාඩි වෙලා හිටියා අම්ම ටිකක් නිදාගන්න යනකම්.. එතකොට යෂ්ට මහා ඔපරේෂන් එක කරගන්න පුළුවන්නේ..

ඔන්න අම්මා නිදාත්තා කියල confirm කරගත්තට පස්සේ යශ් ඔපරේෂන් එකට ඕනි කළමනා ටික හොයන්න පටන් ගත්තා.. අලුතෙන් ගෙනාව පොඩි හොදට කැපෙන පිහියක් තිබ්බා එක ගත්තා මුලින්ම ඊට පස්සේ ලොකු ඉටිපන්දම් දෙකක් හොයාගත්තා.. ඊට පස්සේ ගිනි පෙට්ට්ය.. ආයේ පොඩි රෙදි කෑල්ලකුත් ගත්තා ලේ ආවොත් පිහද ගන්න.. ඊට පස්සසේ ඩෙටොල් ප්ලාස්ටර් එකක් ගත්තා අන්තිමේට අලවාගන්න..

ඔන්න දැන් බඩු ටිකත් උස්සන් සාලේ මැදට ඇවිත් වාඩි උනා... යශ්ගේ පුසත් ඉන්නවා පැත්තකට වෙලා බලාගෙන මොකෝ මේ කරන්නේ කියල හෙහෙ... ඔන්න දැන් ඉටිපන්දම පත්තු කරන්න ට්‍රයි එක ඒත් යෂ්ට ගිනිකුරු ගහල පත්තු කරගන්න තේරෙන්නේ නෑ.. කොච්චර ට්‍රයි කරත් පත්තු වුනේ නෑ.. එකක් පත්තු උනත් ටුක් ගාලා එක නිවුනා... දැන් යශ් කල්පනා කරනවා මොකද මේකට කරන්නේ කියල.. ඔන්න ඉතීම් යෂ්ට එතකොට මටක් උනා ගැස්ලිප.. අන්න වැඩේ එක පත්තු කරාගත්තන්ම් ඉටිපන්දම පත්තු කරගන්න පුළුවන්..

ඔන්න යශ් කුස්සියට ගිහින් එක පත්තු කරා..හප්පා ලොකු දැල්ලක් අවා ඒත් ෂේප්.. කොහොම හරි ඉටිපන්දම පත්තු කරන් ඇවිත් වාඩි වෙලා පිහිය රත් කරන්න ගත්තා.. ම්ම් පිහිය කළු වෙනවා එකේ දැල්ලට අනික රත් වෙනවා මදී පිහිය රතු වෙන්නෙත් නැ.. ම්ම් යශ් ආයේ කල්පනා කරලා ගිහින් කෙලින්ම පිහිය ගැස් ලිපෙන්ම රත් කරන්න ගත්තා... ඔන්න එතකොට ලාවට පිහිය රතු වේගෙන ආව.. ඔන්න දැන් හරි කපලා අයින් කරන්න තියෙන්නේ..😂😂😂

ඔන්න දැන් ඊලග ප්‍රශ්නේ..  යෂ්ට හුරු අත දකුණු අත. ඉන්නා ඉන්නෙත් එකේ.. කොහොම හරි පිහිය වම අතින් අරගෙන හොද හුස්මක් අරන් සුටුස් ගාල කපල දැන්මා..... හම්මෝ ඉන්නා නම් බිම.. අත පිච්චිලා ගිය එක දරාගන්න බැරි උනා.. දුවගෙන ගිහින් බත්රුම්එකේ වතුර බාල්දියකට අත දාගත්තා...


ඔන්න ඉතීම් යශ්ගේ කැගිල්ල ඇහිලා අම්මත් දුවගෙන ආව.. බැනුම් නම් ටිකක් ඇහුව කොහොම හරි පිච්චුන තැනට බෙහ්ත් එහෙම දාගෙන හිටියා දවස් කීපයක්ගෙදරට වෙලා.. හෙහෙ.. 😂😂 තාම ඒ මාර්ක් එකනම් අතේ තියෙනව හෙහෙ ඕක දකිද්දී යශ්ගේ සෙල්ෆ් කොන්ෆිඩන්ස් වැඩි වෙනවාලු  😂 😂  කොහොම හරි වැඩේ සාර්තකයිනේ... ඔන්න ඔහොම තමයි යශ් 1ක වසරේ ඉද්දි ස්ර්ජෙන්ට් කෙනෙක් උනේ..😂 😂


ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා අපේ නෑදෑ වෙන නර්ස් ඇන්ටි කෙනෙකුත් ඕක උන දවසේ අපේ ගෙදර ආව හවස් වෙලා.. හම්මෝ එයාගෙන් මන් අහගත්තා හොදට... 😂  පුදුමයිලු ළමයෙක් ඔහොම කරගත්තා කිව්වම.... 😂😂😂 ඇන්ටි තාම හම්බුනාම ඕක මතක් කරලා හිනාවෙනවා..


ඊට පස්සේ ඉස්කෝලේ ගිහින්  ඔය කතාව යාලුවොන්ට කියල තුවාලේ පෙන්නලා පොරවගෙ හිටියේ යශ්.....😂 😂  තනියම කපාගත්තම කිවම කට්ටිය නිකන් ෆුල් ස්ප්ර්යිස් වෙලා හිටියේ..😂

මොකද හිතෙන්නේ කට්ටියට යශ් ගැන?? 😂










No comments:

Post a Comment

The Best Kinder Surprise Toys