Sunday, December 8, 2019

The Best Kinder Surprise Toys

There’s few more joyful things we experienced growing up than the delight of receiving a Kinder Surprise Egg. The chocolate itself was wonderfully delicious, but it was opening the surprise itself that filled us with so much anticipation and excitement.

I don’t know if you’ve opened a Kinder Egg recently, but the toys just don’t seem as good. Maybe that’s because the quality had gone down, or maybe it’s because we’re getting older, but either way, let’s remember the good times with ‘10 Of The Best Kinder Surprise Toys’. Which was your favourite? Did you ever manage to complete an entire collection?

1) Teeny Turtles


Of all the Kinder Egg toys listed here, these are the ones that we remember the clearest. Who can forget the little one breaking out of their egg, or the one eating a melon with a happy look on their face?


2) City Crocodiles


These hip and trendy Crocodiles rode skateboards and rollerskates, listened to their walkman and, er, rolled around on the floor?

3) Happy Hippos


These delighted Hippos are clearly all on holiday, sunbathing and drinking various alcoholic drinks.

4) Mickey Mouse And Friends


We remember these very well, and spent far too much pocket money trying to complete our collection.
5) Funny Elephants


Like the Hippos, these Elephants are obviously on holiday and seem to be fans of eating ice cream and playing sports.


6) Adventure Lions

These brave Lions are clearly off on some kind of remote adventure, packing essential items such as tents, binoculars and backpacks. Also drums and guitars.
7) Glowing Ghosts

Glow in the dark Ghosts that we enjoyed even after our parents insisted that the lights go out.
8) Frosty Frogs

Cute looking Frogs on a winter break, going skiing, ice skating and throwing snowballs.
9) Beach Penguins

More animals on their summer holidays, mainly taking part in various sporting activities.
10) Oriental Dolphins

Dolphins charming snakes, flying on magic carpets, and in a break from the norm, a treasure chest with no animal attached.


Sunday, October 27, 2019

යශ් එක වසරේදී සිගරට් බොන්න ගියපු හැටි...



හහා Title එක දැක්කම තේරෙනවනේ මේකාගේ තරම.. 😂😂

ඔන්න මෙකයි කතාව..

යශ් 1ක වසරේ ඉද්දි dadge රට ඉන්න යාලුවෙක් ආව ඔන්න අපේ ගෙදරට.. එයා කන බොන ජාති ගොඩක් ගෙනාවට යශ්ගේ හිත ගියේ ඒ අන්කල් ගෙනාපු ලස්සන සිගරට් පෙට්ටියට.. හෙහෙ ඔන්න යශ් එක කාටවත් දෙන්නේ නැතුව ලග තියන් හිටියේ එත් යශ්ගේ dad එක ගත්තා එක සැහෙන්න ගණන් එකක්ලු එක වෙන අන්කල් කෙනෙක්ට දෙන්න ඕනි කියල විදුරු කැබිනටි එකේ උඩින්ම එක දාල තිබ්බ..



ඔන්න ඉතීම් සති 2ක් 3ක් යනකොට ගෙදර හැමෝටම අමතකයි සිගරට් පෙට්ටිය ගැන..
එත් යශ් ඇහැගහගෙන හිටියේ එක ගැන.. යශ් හැමදාම උදේට ස්කොලේ යද්දිත් එක දිහා බලාගෙන ඉදල යන්නේ ගෙදර ආව ගමනුත් එක තියෙනවද කියල බලන එක තමයි වැඩේ.. යෂ්ට ඉන්නබැ ඕක ඇතුලේ මොනාද තියෙන්නේ කියල බලනකම් ( හරි හරි සිගරට් තියෙන්නේ කියල දන්නවා එට් රට ඉදන් ගෙනාව කිව්වා නිසා අමුතු මෙව්වා එකක් කියල හිතන් හිටියේ 😂)


 ඔන්න දවසක් tv බල බල ඉද්දි ඔය සිගරට් බොන එකක් දැකල යෂ්ට හිතුන අර පෙට්ටිය අරන් හොරෙන් කඩල එකක් අරන් බීල ආයේ එක එතැනින්ම තියන්න..  😂



දැන් ඕක කරන්න තැනක් හොයාගන්න ඕනිනේ යෂ්ට මතක් උනා එහාපැත්තෙ පාලු ගෙදරක් තියෙනවා කියල යශ් යාලුවෝ එක්ක හැංගි මුත්තම් කරන්න එහෙම ඔහේ රිංගනවා ඉතින් එතන මාරු කියල හිතුන වැඩේට... ඔන්න තැන හරි.. දැන් ඉතීම් තනියම ගිහින් ඕක බොන්න බැනේ.. කව්රු හරි ඉන්න එපැයි ෆිට් එකට.. ඔන්න එතකොට යෂ්ට මතක් උනා යශ්ගේ හොද ෆිට් එකක්.. පල්ලෙහා ගෙදර මොන්ටිසෝරි යන මල්ලි... ඒකා හොද ඇට්ටරය ඕනි වැඩකට පැනල එන්නේ..

මෙන්න මේ පල්ලෙහා ෆොටෝ එකේ ඉන්නේ ඒ වගේම එකෙක් තමයි.. ඉතීම් හිතාගන්නකෝ උගේ තරම..😂😂



ඔන්න ඉතීම් යශ් කැබිනට් එක උඩට නැගල සිගරට් පෙට්ටියත් අරන් කුස්සිය පැත්තේ ගිහින් ගිනි පෙට්ටියකුට් අරන් සාක්කු දෙකේ දාගෙන ගියා අර මල්ලිගේ ගෙදරට.. ගිහින් එකාවත් ඇදගෙන ගියා අර පාලු ගෙදර පැත්තේ.. කොල්ලත් වැඩේට පැනල ආවේ.. ආයේ කතා දෙකක් නැ මරු ඩයල්එක..


ඔන්න එකේ ඉටි කවරේ ගානට කඩුව එත් කාඩ්බෝර්ඩ් බොක්ස් එක පොඩ්ඩක් ඉරුණ අරයකා එකෙන් ඇද්ද්නිසා.. හෙහෙ  එකට පොඩ්ඩක් මිනිහට මන් බැනල ආයේ වැඩේට බැස්ස ඔන්න මිනිහට සිගරට් එක අල්ලගන්න කියල මන් ගිනිපෙට්ට්ටිය අරන් පත්තුකරන්න ට්‍රයි කරනවා ඒත් පත්තුවෙන්නේ නැ.... මොකද යෂ්ට ගිනිකුරු පත්තු කරගන්න බැ එතකොට.. 😂

කොච්චර ට්‍රයි කරත් හරිගියේ නැ ඔන්න ඊට පස්සේ යෂ්ට මතාක් උනා ගෙදර පිටිපස්සේ ගිනි ගොඩක් තිබ්බා එකේ පත්තුවෙන දර කෑල්ලක් අරන් ආවනම් මේක ගොඩ දාන්න පුළුවන් කියල..



ඔන්න ඉතීම් යශ් සිගරට් පෙට්ටිය අර මලයාගේ අතට දීල ගිය ගෙදර පැත්තේ දර කැල්ලක් උස්සන් එන්න... ඔන්න් ඉතීම් යශ් බොහොම අමාරුවෙන් පත්තුවෙන පොඩි දරකැල්ලක් අරන්  විනාඩි 5කට වගේ පස්සේ එද්දී අර යකා ඔක්කොම සිගරට් ටික එලියට අරන් ඒවා කැලි කැලි වලට කඩල..😒😒😒

දැන් ඉතීම් මොන ඉටි ගෙඩියක් පත්තු කරන්නද යශ් ටිකක් කෑගැහුවම පොඩි ඒකා අඩන්නා වගේ.. මේකා මෙතන ඇඩුවොත් වැඩේ මාට්ටුනේ.. ඔන්න ඉතීම් බිම තියෙන සිගරට් කැල්ලක් අරන් දෙන්න පත්තු කරමු කියලා ආයේ කතාවෙලා සාමධාන වෙලා වැඩේට බැස්ස.. ම්ම්ම්හ් පත්තු වෙන්නේ නැ එහෙමත්.. ලි කැල්ල නිවිලා ඒ ටිකට..  😒😒

ඔන්න දෙන්නත් එක්ක ට්‍රයි කර කර ඉද්දි එතනට කඩන් පාත් වෙච්චි පොලිසියේ අන්කල් කෙනෙක් හාහා ඒ අන්කල්ට මැරෙන්න හිනා දෙන්නගේ වැඩේ දැකල.. (යෂ්ටයි අර මල්ලිටයි පොලිසියේ අය හුරුයි මොකද දෙන්නගෙම dadla පොලිසියේ )

කොහොම හරි දෙන්න ලැජ්ජාවටත් එක්ක එතනින් දුවල ආව ගෙවල් වලට ඇවිත් සද්ද නොකර හිටියා මුකුත්  දන්නේ නැ වගේ..


කොහොම හරි ගෙදරට සීන් එක ආරංචි උනේ අනික් දවසේ.. එතකොට යශ් වෙලාවට ඉස්කෝලේ හිටියේ..😅😅
කොහොම හරි ගුටි කන්න උනේ නම් නැ 😂😂 ඊට හපන් වැඩක් උනේ ඉතීම් ගෙදරින් එලියට බහින්න නැ ඒ දවස් වල දකින දකින කෙනා අහනවා සිගරට් එකක් බොන්න යමුද කියල ඒ තරම් වැඩේ පත්තුවෙලා මුළු ගමටම හරි සන්තෝසයි.. යශ්ගේ කීර්තිනාමය බින්දුවට වැටිලා තිබ්බේ..  කොහොම හරි එකෙන් මේකෙන් යෂ්ට එහා පැත්තේ ගෙදර හිටපු යශ්ගේ crush එක දිහා බලන්නවත් බැරුව හිටියේ එයාටත් මේක ආරංචි වෙලා ඇති කියල ( ඔව් ඔව් මේකා පොඩි උනාට ඔහොම හිතුව ඒ කාලේ 😂 )






ඔන්න ඉතීම් ඔහොම තමයි යශ් සිගරට් බිව්වේ ආ... 😂😂😂😂

ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා ඒ සිගරට් පෙට්ටිය ඒ කාලේ හැටියට බරගානක්ලු.. කොහොම හරි ගුටි කන්න උනේ නැති එකනම් ලොකු දෙයක් හප්පා හෙහෙ 😂😂

තව ඉතීම් යශ් ඔය වගේ කරපු වැඩ ගොඩක් කතා ගොඩක් තියෙනවා ඉස්සරහට කියන්නම්කො ආ...😂😂



ප:ලි = මේ මේ යශ් දැන් යශ් ලොකු උනාට තාම සිගරට් බොන්නේ නෑ හරිද.. 😊😒😏 යශ් හොද ලමයෙක්..





Saturday, October 26, 2019

යශ්ගේ පළමු වික්‍රමය.. (ඔපරේෂන් එක)


යශ් පොඩි කාලේ ඉදන් පොඩ්ඩක් විතර දගයි.. ඒත් යෂ්ට කවදාවත් අම්මා ගහලනම් නෑ..  යශ්ව දග නැතුව තියාගන්න අම්මා කරපු වැඩේ තමයි යෂ්ව TVඑක ඉස්සරහා තිබ්බ එක.. අවුරුදු 2කෙ 3නෙ ඉදල යශ් Tv එක ඉස්සරහ ඉදගෙන කට අරගෙන එක දිහා බලන් ඉන්න එක තමයි කරේ..

කොහොම කොහොම හරි යශ් එක වසරේ වගේ ඉද්දි ටීවී එකේ වැඩියෙන්ම බලන්න ආස Discovery චැනෙල් එක තමයි.. ඔකේ පෙන්නන අලුත් අලුත් දේවල් යශ් ඉතීම් කට ඇරගෙන බලන් හිටියලු ඒ කාලේ..

ඔන්න ඔයකාලේ යශ් ඉස්කෝලේ එහෙම ගිහින් දුවගෙන ඇවිත් Tv එකේ පෙන්නන දේවල් බලන් ඉදල ඔවා ගෙදරට හොරෙන් කරල බලනව හෙහෙ..  ඒවා ගැන වෙනම පොස්ට් එකකින් කියන්නම්කො..

දැන් බහිමු කියන්න ආව කතාවට..

ඔන්න ඉතීම් කොහොම හරි යශ් 1ක වසරේ මුල් කාලේ ඉද්දි යශ්ගේ දකුණු අතේ මැණික්කටුව ලග ඉන්නෙක් අවා.. දැන් ඉතීම් මේක දකිද්දී යෂ්ට මාර කේන්ති ඇයි අප්පා පට්ට කැතයිනේ.. අනික නිකම් මොකක්ද වගේ..
ඉස්කෝලේ ඉද්දි ලග ඉන්න ගැනු ළමයි දෙන්නා එක දිහා බලන්නෙත් අමුතු විදිහට යශ්ට ඉතීම් පොලව පලාගෙන යන්න හිතෙනවා එහෙම උනාම.. ( යශ් එතන ලග හිටපු ගැනු ළමයෙක්ට Crush ඒ කාලේ - ඒ කතාව වෙනම කියන්නම්කො ---- ඔව් ඔව් යශ් 1ක වසරේ තමයි ඒ කාලේ 😂😂😂)

ඔන්න ඉතීම් දවසක් ඉස්කෝලේ ළමයි වටවෙලා සෙල්ලම් කර කර ඉද්දි ළමයෙක් මගේ අතේ ඉන්න දැකල අනික් ළමයි හැමෝටම ඕක කිව්වා.. ඔන්න ඉතීම් කට්ටිය වටවෙලා මැජික් බලන්න ඈවිත් වගේ මගේ අත දිහා බලන් ඉන්නව එක එක කතා කිය කිය.. 😒😒

එකෙක් කියපි ඕකට අත කපන්න වෙනවා කියල..😂 හප්පා ඒ තරම් ඇට්ටර ළමයි හිටියේ පන්තියේ.. කොහොම හරි එක ළමයෙක්ගේ අයියා කෙනෙක්ගේ ඔහොම ඇවිත් හොස්පිටල් ගිහින් එක පුච්චලා අයින් කරා කියල කතාවක් කිව්වා.. ඕක ඉතීම් යශ්ගේ හිතට පොඩ්ඩක් වැදුන.. යශ් ඔන්න හිතාගත්තා ඉන්නා අයින් කරගෙන මිසක් ආයේ ඉකොලේ යන්නේ නැ කියල...


ඔන්න ඉතීම් යශ් තනියම කල්පනා කරනවා හොස්පිටල් යන්න යශ් ආසා නැ.. මොකද යශ් ඉන්ජේක්ශන් වලට එහෙම ආස නෑ.. ඔන්න යශ් ස්කුල් බස් එකේ ගෙදරට එනකම් කල්පනා කරනවා කොහොම්ද හොස්පිටල් යන්නේ නැතුව මේ ඉන්නා අයින් කරගන්නේ කියල.. ඔන්න එතකොට යශ්ගේ මහා මොලේට මතක් වෙනවා Discovery එකේ ගියපු දෙයක් එක තමයි තුවාල උන කෙනෙක් පිහියක් අරන් රත්කරල  එක පුච්චගන්නව ලේ යන එක නවතින්න.. ඒ වගේ මොකක් හරි තමයි මතක විදිහට හෙහෙ.. ඉතීම් යෂ්ට හිතුන පිහියක් අරන් එක රතුවෙනක්ම් රත් කරලා මේක කපල දන්මන්ම් වැඩේ ඉවරයිනේ කියලා....😂

ඔන්න යශ් ගෙදර ගියා.. ගෙදර යද්දී යශ්ගේ අම්ම යෂ්ට කිරි බෝතලයක් හදල තියනවා බොන්න.. යෂ්ට ඕක අනිවා ඕනි ගෙදර ගියාම හෙහෙ.. කොහොම හරි එක බිලා යශ් සුපුරුදු පරිධි TV එක ඉස්සරහ වාඩි වෙලා හිටියා අම්ම ටිකක් නිදාගන්න යනකම්.. එතකොට යෂ්ට මහා ඔපරේෂන් එක කරගන්න පුළුවන්නේ..

ඔන්න අම්මා නිදාත්තා කියල confirm කරගත්තට පස්සේ යශ් ඔපරේෂන් එකට ඕනි කළමනා ටික හොයන්න පටන් ගත්තා.. අලුතෙන් ගෙනාව පොඩි හොදට කැපෙන පිහියක් තිබ්බා එක ගත්තා මුලින්ම ඊට පස්සේ ලොකු ඉටිපන්දම් දෙකක් හොයාගත්තා.. ඊට පස්සේ ගිනි පෙට්ට්ය.. ආයේ පොඩි රෙදි කෑල්ලකුත් ගත්තා ලේ ආවොත් පිහද ගන්න.. ඊට පස්සසේ ඩෙටොල් ප්ලාස්ටර් එකක් ගත්තා අන්තිමේට අලවාගන්න..

ඔන්න දැන් බඩු ටිකත් උස්සන් සාලේ මැදට ඇවිත් වාඩි උනා... යශ්ගේ පුසත් ඉන්නවා පැත්තකට වෙලා බලාගෙන මොකෝ මේ කරන්නේ කියල හෙහෙ... ඔන්න දැන් ඉටිපන්දම පත්තු කරන්න ට්‍රයි එක ඒත් යෂ්ට ගිනිකුරු ගහල පත්තු කරගන්න තේරෙන්නේ නෑ.. කොච්චර ට්‍රයි කරත් පත්තු වුනේ නෑ.. එකක් පත්තු උනත් ටුක් ගාලා එක නිවුනා... දැන් යශ් කල්පනා කරනවා මොකද මේකට කරන්නේ කියල.. ඔන්න ඉතීම් යෂ්ට එතකොට මටක් උනා ගැස්ලිප.. අන්න වැඩේ එක පත්තු කරාගත්තන්ම් ඉටිපන්දම පත්තු කරගන්න පුළුවන්..

ඔන්න යශ් කුස්සියට ගිහින් එක පත්තු කරා..හප්පා ලොකු දැල්ලක් අවා ඒත් ෂේප්.. කොහොම හරි ඉටිපන්දම පත්තු කරන් ඇවිත් වාඩි වෙලා පිහිය රත් කරන්න ගත්තා.. ම්ම් පිහිය කළු වෙනවා එකේ දැල්ලට අනික රත් වෙනවා මදී පිහිය රතු වෙන්නෙත් නැ.. ම්ම් යශ් ආයේ කල්පනා කරලා ගිහින් කෙලින්ම පිහිය ගැස් ලිපෙන්ම රත් කරන්න ගත්තා... ඔන්න එතකොට ලාවට පිහිය රතු වේගෙන ආව.. ඔන්න දැන් හරි කපලා අයින් කරන්න තියෙන්නේ..😂😂😂

ඔන්න දැන් ඊලග ප්‍රශ්නේ..  යෂ්ට හුරු අත දකුණු අත. ඉන්නා ඉන්නෙත් එකේ.. කොහොම හරි පිහිය වම අතින් අරගෙන හොද හුස්මක් අරන් සුටුස් ගාල කපල දැන්මා..... හම්මෝ ඉන්නා නම් බිම.. අත පිච්චිලා ගිය එක දරාගන්න බැරි උනා.. දුවගෙන ගිහින් බත්රුම්එකේ වතුර බාල්දියකට අත දාගත්තා...


ඔන්න ඉතීම් යශ්ගේ කැගිල්ල ඇහිලා අම්මත් දුවගෙන ආව.. බැනුම් නම් ටිකක් ඇහුව කොහොම හරි පිච්චුන තැනට බෙහ්ත් එහෙම දාගෙන හිටියා දවස් කීපයක්ගෙදරට වෙලා.. හෙහෙ.. 😂😂 තාම ඒ මාර්ක් එකනම් අතේ තියෙනව හෙහෙ ඕක දකිද්දී යශ්ගේ සෙල්ෆ් කොන්ෆිඩන්ස් වැඩි වෙනවාලු  😂 😂  කොහොම හරි වැඩේ සාර්තකයිනේ... ඔන්න ඔහොම තමයි යශ් 1ක වසරේ ඉද්දි ස්ර්ජෙන්ට් කෙනෙක් උනේ..😂 😂


ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා අපේ නෑදෑ වෙන නර්ස් ඇන්ටි කෙනෙකුත් ඕක උන දවසේ අපේ ගෙදර ආව හවස් වෙලා.. හම්මෝ එයාගෙන් මන් අහගත්තා හොදට... 😂  පුදුමයිලු ළමයෙක් ඔහොම කරගත්තා කිව්වම.... 😂😂😂 ඇන්ටි තාම හම්බුනාම ඕක මතක් කරලා හිනාවෙනවා..


ඊට පස්සේ ඉස්කෝලේ ගිහින්  ඔය කතාව යාලුවොන්ට කියල තුවාලේ පෙන්නලා පොරවගෙ හිටියේ යශ්.....😂 😂  තනියම කපාගත්තම කිවම කට්ටිය නිකන් ෆුල් ස්ප්ර්යිස් වෙලා හිටියේ..😂

මොකද හිතෙන්නේ කට්ටියට යශ් ගැන?? 😂










කව්ද මේ යශ් කියන්නේ....?



කව්ද මේ යශ් කියන්නේ....?

ම්ම්  මටත් මේ යශ් කියන්නේ කව්ද කියලා හිතාගන්න අමාරුයි තාම... ඒත් මේ බ්ලොග් එකේ යශ්ගේ කතා ටික කියවගෙන යද්දී ඔයාලට ටිකක් හරි තේරෙයි යශ් කියන්නේ කව්ද කියල...

මේ බ්ලොග් එක ආයෙත් ලියන්න හිතුනේ යශ් කතාවලින් ගොඩක් කතා දන්න කෙනෙක් කිව්වා මේ කතා අනික් අයටත් දැනගන්න ලියන්න කියලා.. 😂

මොනාද දැන් මේ මෙයා කියන්න හදන කතා...??

මේ ලියන්න හදන්නේ යශ් පොඩි කාලේ ඉදල කරපු දග වැඩ.. යශ්ට උන  දේවල් තමයි.. සත්‍ය සිදුවීම්..

මෙහමයි යශ්ට පොඩිකාලේ  දේවල් සුපිරි විදිහට මතකයි.. ඉතීම් පොඩි කාලේ ඉදන් කරපු දග වැඩ.. හොර වැඩ.. ඔක්කොම ලස්සනට ඉස්සරහට කියන්නම්..  😂 එතකොට තේරෙයි යශ්ගේ තරම..

ඉතිම් කව්ද මේ යශ් කියන්නේ....?   ම්ම් දැන්නම් ට්කක් විතර නිහඩ පොරක්..එත් හිතින් මාර දගයෙක් 😂 ඒත් තාම දග වැඩනම් කරනවා ඉදල හිටලා....

ඉක්මනට දේවල් ඉගෙන ගන්න කෙනෙක්.. සැහෙන්න හිතන පොරක්..  අනාගතේ ගැන හිතලා වැඩකරන ඩයල් එකක්.. එක  දෙයක් එක විදිහකට ගොඩක් වෙලා කරන්නේ නැති පොරක්.. වෙලාවකට පැය ගණන් කල්පනා කරනවා වෙලාවකට පිස්සු නටනවා හෙහෙ..  තව ගොඩක් දේවල් තියෙනවා යශ් ගැන  ඒවා ඉස්සරහට කියන්නම් ..

දිගටම කියවන්න.. 🙂

The Best Kinder Surprise Toys